ප්‍රීතීමත් හ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා සියලුම ජාතීන් ඉවසීමෙන්, අවබෝධයකින් හා සාමකාමීව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගනිමු.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය රාමසාන් අවුරුදු සුභ පැතුම් පණිවිඩයෙන් ඇරයුම් කරයි.

මෑත කාලයේ සිංහල, මුස්ලිම්, දමිළ ජනතාව අතර යම් සිද්ධීන් ඇතිවුවද පොදුවේ සියළු ජාතීන් භින්නභේදයක් නොමැති අතර, එක් එක් සමාජයන් අනෙකුත් සමාජයේ අනන්‍යතාවයට, ආගමට හා සංස්කෘතියට ගරු කිරීමෙන් ගුණ ධර්මය වැඩි දියුණු කරගනිමු.

අපි සියළු දෙනා ලාංකීකයන් හා එකම මානව සමාජයක් වශයෙන් එකතුවී රට මුණ දෙන ගැටළු වලින් මිදීමට අධිෂ්ඨාන කර ගනිමු.

මුස්ලිම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික කටයුක්තක් වන උපවාසයේ යෙදීමෙන් ඉවසීම, අවංකභාවය, යහගුණ, මානව හිතවාදීබව, හිත පිරිසිඳුව තබාගැනීම යන උතුම් මිනිස් ගුණාංග වර්ධනය කරගැනීමටත්, දුප්පත් මිනිසුන්ගේ දුක් කරදර ගැන අවබෝධයක් ඇති කර ගැනීමට ද අවස්ථාව සැලසේ.

අවුරුදු සියගණනක් මේ රටේ මුස්ලිම් ජනතාව සංහිඳියාවෙන් සහ ඉවසීමෙන් ජීවත් වුවද ඉඳහිට ඇතිවන ජාතිවාදි ක්‍රියාකාරකම් වලට ද මුහුණපාන්නට සිදුවේ. සමගි සන්ධාන රජයේ ද මෙවැනි සිදුවීම් ඇතිවීම කණගාටුදායක කරුණකි. එක් එක් ජන කොට්ඨාශයන් අනෙකුත් ජන කොට්ඨාශයේ චේතනාවන් හා ප්‍රාර්ථනාවන් නිවැරදිව හඳුනා ගැනීමෙන් තීරසාර සංහිඳියාව ගොඩනැගිය හැකිවේ.

ජාතීන් අතර එකමුතුතාවයේ අවශ්‍යතාවය උගන්වන ඉස්ලාම් දහම පිළිපදින මුස්ලිම්වරු මෙම ශුද්ධවු රාමසාන් මාසයේ උපවාසයෙන් මිදී සුභ අවුරුද්දක් සමරන මේ මොහොතේ සෞභාගයෙන් පිරී සහජීවනය සඳහා සියළු ජාතීන් සමග අත්වැල් බැඳගත යුතුයි.

දුක් කරදර මද්දේ ලොවපුරා වෙසෙන සියළු මුස්ලිම් ජනතාවටත් දුක්කරදර වලින් මිදී සැනසුමක් ඇති ජීවනයක් ගොඩ නගා ගැනීමට ද ප්‍රාර්ථනා කරගන්නෙමු. සියළු ලාංකීකයන්ට ද සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.

රවුෆ් හකීම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

JOIN WITH THOUSANDS OF SUBSCRIBERS ! GET OUR LATEST ARTICLES DELIVERED TO YOUR E

CONTACT FROM