Web
Analytics
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, අමාත්‍ය රවූෆ් හකීම් මහතාගේ හජ් පණිවුඩය - Sri Lanka Muslim Congress

ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනතාව නොයෙකුත් ආර්ථික, සමාජීය සහ දේශපාලනික ප්‍රශ්නවලට මුහුණ පා සිටින අවදි‍යක, එම අභියෝගයන් පරිත්‍යාගයෙන් හා සහජීවනයෙන් ජය ගැනීමට ශක්තිය  හා ධෛර්ය්‍ය ලැබේවා  යනු අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රර්ථනා කරන  බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක,නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතා “ඊදුල් අල්හා” හජ් උත්සවය වෙනුවෙන් නිකුත් කර ඇති සුභ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.

අපේ රටේද ලොකේ විවිධ රටවල්වලද මුස්ලිම් ජනතාව නොයෙකුත් තාඩන, පීඩනවලට ලක්වෙමින් ඉවසීලිමත්ව ජීවත්ව සිටී.

දේව වක්තෘවරුන් වන ඉබ්රහීම්,ඉස්මායිල් යන නබිවරුන් සහ හාජරා මව්තුමිය යන අයගේ පරිත්‍යාගශීලීත්වයේ ඉතිහාසය උගන්වන හජ්වන්දනාව ලෝකයේ මුස්ලිම් ජනතාව අතර  ඉවසීම හා පරිත්‍යාගයේ  වැදගත්කම තහවුරු කෙරේ.

ශ්‍රී ලංකාව දෙස බැලූ කල, කලින් කලට ආණ්ඩු මාරු සිදුවූවද, මුස්ලිම් ජනතාව කෙරෙහි ජාතිවාදී ක්‍රියාවන් දිගටම සිදුවීම කණගාටුදායක කරුණකි.මෙවැනි වකවානුවක මුස්ලිම් සමාජය රටේ දියුණුවට උර දෙන ගමන් ජාතීන් අතර සංහිදියාව ඇති කිරීමටද සිය සහයෝගය නොපිරිහෙලා දක්වයි.

ලෝකයේ ඉස්ලාමීය පිබිදීමට එරෙහිව මුස්ලිම් විරෝධීන් විසින් බිය සහ සැකය අනිකුත් ජාතීන් අතර ඇති කිරීමට සැලසුම් සහගත ක්‍රියාවන් සිදුවේ.එම අහියෝගයන් ජය ගැනීමටත් සියලු ජාතීන් අතර අවබෝධය ඇති කර සාමය හා ශාන්තිය ඇති වීමටත් අල්ලාහ්ගෙන් ප්‍රර්ථනා කරමු යනුවෙන් එම පණිවුඩයේ වැඩි දුරටත්  සඳහන් කර ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

JOIN WITH THOUSANDS OF SUBSCRIBERS ! GET OUR LATEST ARTICLES DELIVERED TO YOUR E

CONTACT FROM